විදුහල්පති පණිවිඩය
ඒ.එම්.එන්.පී.කේ. ආනන්ද මයා
ඌව පළාතේ ඇති දීප්තිමත් පාසලක් වන සිද්ධාර්ථ මහා විද්‍යාලය දහස් ගණනක් යහපත් පුරවැසියන් දැයට දායාද කල පින් බිමකි. අතීතයේ මතු නොව අනාගතය ජය ගනු වස් වර්තමානෙය් ද දරුවන්ට නිවැරදි මග පෙන්වීමක් ලබා දෙන දීප්තිමත් පාසලකි. විෂයන් ඉගැන්වීමට පමණක් සීමා නොවී විෂය බාහිර කටයුතුවලට ද දරුවන් ට ලබා දෙන නිවැරදි මග පෙන්වීම හේතුවෙන් සමස්ථ ලංකා මට්ටම දක්වා ම සිසුහු ජයග්‍රහණ ලබා ගනිති. පාසලෙන් දැයට දායාද කළ කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ රට දැය වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කරති.
දිනෙන් දින ශීඝ්‍ර දියුණුවක් ලබන ලෝකයේ සුවිශේෂී අවශ්‍යතාවයක් වන තොරතුරු තාක්ෂණ අංශයෙන් ද අප විදුහල සුවිශේෂී දියුණුවක් ලබාගෙන ඇත. අප විද්‍යාලය හා සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේ දී සහ තොරතුරු හුවමාරුවේ දී මෙම වෙබ් අඩවිය ළුලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි. අප විද්‍යාලයට සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කර සිටිමි.
මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු ද දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනය කරමි.
ඒ.එම්.එන්.පී.කේ. ආනන්ද මයා
විදුහල්පති
මො/සිද්ධාර්ථ මහා විද්‍යාලය.







