
- කොණ්ඩය පිළිවෙළට කපා පීරා තිබිය යුතු අතර රැවුල නිසි පරිදි කපා තිබිය යුතුය.
- ඇහි බැමට කිසිදු විලාසිතාවක් නොකළ යුතුය.
- කමිසයේ අතේ දිග, උරහිසේ සිට වැලමිට දක්වා දිගෙන් භාගයක් විය යුතුය.
- පාසල් නිල ලාංඡනය කමිසයේ ඉදිරිපස සාක්කුවේ ප්‍රදර්ශනය විය යුතුය.
- කලිසම ඉනට ඇඳිය යුතුය.
- කලිසමේ පිටුපස සාක්කු රහිත විය යුතුය.
- කොට කලිසමේ උස දණහිස දක්වා විය යුතුය.
- දිග කලිසමේ උස විළුඹ දක්වා විය යුතුය.
- කලිසමේ ෆෝල්‍ට් එක අඟල් 14ට නොඅඩු විය යුතුය
- කළු මේස් සහ කළු සපත්තු පැලඳිය යුතුය.

- කොට කොණ්ඩය පිළිවෙළට කපා පීරා තිබිය යුතුය
- දිග කොණ්ඩය කන පිටුපසින් කරල් දෙකට ගොතා කළු රිබන් පටියකින් බැඳිය යුතුය
- ඇහි බැමට කිසිදු විලාසිතාවක් නොකළ යුතුය.
- රන් පැහැති සාමාන්‍ය කරාඹු පැලඳිය යුතුය
- පාසල් කර පටිය නිසි පරිදි පැ පැලඳිය යුතු අතර පාසල් නිල ලාංඡනය වම් අතේ ප්‍රදර්ශනය විය යුතුය.
- ගවුමේ අත දිග, උරහිස සිට වැලමිට දක්වා දිගෙන් භාගයක් විය යුතුය.
- ගවුමේ කඳ අතේ වැලමිට දක්වා උස විය යුතුය.
- ගවුමේ උස දණහිස ආවරණය වන පරිදි විය යුතුය.
- ගවුමේ රැළි අඟල් 1 ප්‍රමාණයේ කුඩා රැලි විය යුතුය.
- සුදු මේස් හා සුදු සපත්තු පැලඳිය යුතුය







