මො/ සිද්ධාර්ථ මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ශිෂ්‍ය නායක පුහුණු කඳවුර සහ නිල ලාංඡන පැළදවීම

පොසොන් සීල භාවනා වැඩසටහන

පුංචි අපේ මල් දන්සල

Web_Photo_Editor.jpeg
UntitledProject.jpeg
UntitledProject1.jpeg

1954.09.06 තද කුණාටුව හා වර්ෂාව නිසා පාසලෙන් කොටසක් කඩා වැටි ජලයෙන්ද යට වි  ගියේය. 1954.10.15 වන දින ගොඩනැගිල්ල සම්පුර්නයෙන්ම කඩා වැටී උපකරනද විනාශ වි ඇත. පාසල පැවැත්විම සදහා සුදුසු ස්ථානයක් පිළියෙල කර ගන්නා තුරු 1954.10.18 සිට 1954.10.22 දක්වා පාසල වසා ඇත.1954.10.26 වත්තුහේවා මහතා පෞද්ගලික වියදමෙන් තනා ගත් තාවකාලික ගොඩ නැගිල්ලක පාසල පවත්වා ඇත.1954.11.16 ගම්වාසින්ගේ සහයෝගයෙන් එම ස්ථානය 46 ‹ 11 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් තනවා එහි පාසල පවත්වා ඇත.ඵම නිසා අප පාසල‍ෙ  නිර්මාතෘ ලෙස  ඒ. වත්තුහේවා මහතා හඳුන්වනු ලැබේ.

එතුමා සිහි වනු වස් 2023 වර්ෂයේ දී පාසල් පරිශ්‍රයේ එතුමාගේ පිළිරුවක් ද නිරාවරණය කලේය.