පාසලේ ආරම්භය
පසෙකින් ගලා බසින්නේ කුඩා ඔයයි.ඉදිරියෙන් ඇත්තේ පරතෙරක් නොදකින තරම් වු කුඹුරු යාය සහ ගන කැලෑවකි.මේ අතර පිහිටියේ පවුල් කිහිපයකින් සෑදි කුඩා ගම්මානයකි.ඒ අතර කුඩාඔයට සමීපයේ කටුමැටි ගසා ඉලුක් සෙවිලි කර තනා ඇති කුඩා ගොඩනැගිල්ලකි.එය හොරබොක්ක රජයේ අභිනව පාඨශාලාවයි.ගම්මුන්ගේ සහයෝගයෙන් මෙය ගොඩනංවා ඇත.1950.05.15 දින මේ කුඩා ගමේ වැසියනට ඉමහත් සතුට ලෙන එන දිනයක් විය. එදින රාත්‍රී පහන් වන තුරු පිරිත් දේශනාවක් පවත්වා පසුදිනට යෙදෙන සුබ මොහොතින් අලුත් පාඨශාලාවට ළමුන් ඇතුළත් කර පාඨශාලාව විවෘත කරන ලදි.
1950.05.16 දිනට යෙදුනු සුබ මොහොතින් සිසුන් සිසුන් 33 දෙනෙක් පාසලට ඇතුළත් කරගෙන අකුරු කියවා ඔවුන්ට කෑම බීමෙන්ද සංග්‍රහ කර ඇත. 1950.05.16 දරන දින පටන් හොරබොක්ක රජයේ අභිනව පාසලේ මුල් ගුරුවරයා ලෙස පත්වූයේ ඩී. එස් සේනාධීර මහතාය.
මේ සියලුම කටයුතුවල දී වෙලේ ගෙදර ඇස්.ඇම් ගං ඇති වෙල් විදාන මහතා ඇතුළු ගම්වාසින් ඉතාමත් සහයෝගයෙන් යුක්තව කටයුතු කර ඇත.1950.05.22 දින 1950.12.31 දින සේනාධීර මහතා මෙම විදුහලෙන් අස් ව ගොස් 1951.01.01 දින සිට විදුහල්පති වශයෙන් සේවය කිරීමට ඒ.වත්තුහේවා මහතා පැමිණ වැඩ භාරගෙන ඇත. මෙදිනම ආර්. ජේ සිල්වා මහත්මියද උපගුරු තනතුරේ වැඩ භාරගෙන ඇත.
1951.05.13 පාඨශාලාව පටන්ගෙන පළමුවන අවුරුද්ද ගතවීමේ ප්‍රීතිය හා පාඨශාලාවේත් ගම්වාසීන්ගේත් සුභ සිද්ධිය සලකා මැයි 11 සිට 13 උදෑසන දක්වා පිරිත් දේශනාවක් පවත්වා සාංඝික දානයක් පිරිනමා ඇත. මේ අනුව සෑම වර්.ෂයක් පාසාම මෙදිනට මේ පිරිත් පිංකම කරගෙන ගොස් ඇත.
1954.09.06 තද කුණාටුව හා වර්.ෂාව නිසා පාසලෙන් කොටසක් කඩා වැටි ජලයෙන්ද යට වි ඇති අතර 1954.10.15 ගොඩනැගිල්ල සම්පුර්.නයෙන්ම කඩා වැටි උපකරනද විනාශ වි ඇත.පාසල පැවැත්විම සදහා සුදුසු ස්ථානයක් පිළියෙල කර ගන්නා තුරු 1954.10.18 සිට 1954.10.22 දක්වා පාසල වසා ඇත.1954.10.26 වත්තුහේවා මහතා පෞද්ගලික වියදමෙන් තනා ගත් තාවකාලික ගොඩ නැගිල්ලක පාසල පවත්වා ඇත.1954.11.16 ගම්වාසින්ගේ සහයෝගයෙන් එම ස්ථානය 46 ‹ 11 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් තනවා එහි පාසල පවත්වා ඇත.
1957.08.26 හොරබොක්ක ආණ්ඩුවේ මිශ්‍ර පාසලේ ස්ථිර ගොඩනැගිල්ල තනා විවෘත කොට ඇත.මෙතෙක් ස්ථිර ගොඩනැගිල්ලක් ලබා ගැනිමට විදුහල්පතිතුමා නොයෙක් උත්සහ ගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රුහුණු මහා කතරගම දේවාලයට අයත් ඉඩමක පැල්වත්ත පස්සර පාරට යාබදව මෙම ගොඩනැගිල්ල තනවා ඇත.1957.08.26 දින ප.ව.8.00 සිට 1957.08.28 දින උදෑසන දක්වා පිරිත් සංගායනාවක් පවත්වා දහවල් සාංඝික දානයක් පිරිනමා පාසල විවෘත කර ඇත.
1959.01.01 එච්.එම්.පුංචිබංඩා මහතා උපගුරු තනතුරෙහි වැඩ භාර ගත්තද 1959.02.28 දින ඔහු අස්ව ගියේය.1960.01.01 දින වනවිට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය 5 දෙනෙකුගෙන් යුක්ත විය.ළමුන් සංඛ්‍යාව 91ක් පමන වි ඇත.
ස්ථිර ගොඩනැගිල්ලක් තනා හොරබොක්ක අභිනව පාසල විවෘත කිරිමත් සමගම එම විදුහලට අවශ්‍ය ගුරු නිවාසය,වැසිකිලි හා ළිදද තනවා නිම කර ඇත.
මේ කාලය තුළදි විදුහල්පතිතුමා විසින් පාසල් වත්ත ළමුන්ගේද සහය ඇතිව වගා කටයුතු සදහා යොදවා ඉන් ඉමහත් ප්‍රතිඵල ලබා ඉන් ලැබුණු ආදායම ළමුන්ගේ අවශ්‍යතා සදහා යොදා ගෙන ඇති අතර දැන් අපට දිස්වන අඹ ගස්,පොල් ගස්,සියඹලා ගස් ආදිය විදුහල්පති වත්තුහේවා මහතාගේ මහගු උත්සහයේ ප්‍රතිඵල ලෙසද දැක්විය හැක.
එ්.වත්තුහේවා මහතා 1964.05.02 දින පාසලෙන් අස්ව ගොස් ඇති අතර විදුහල්පති කෙනෙක් පැමිණෙන තුරු ආර්.ජේ.සිල්වා මහත්මිය ඒ තනතුරෙහි වැඩ බලා ඇති අතර 1964.07.13 දින ජේ.එච්.ගමගේ මයා විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇත.අවුරුද්දක පමන සේවා කාලයකින් පසු ගමගේ මහතා අස්ව ගොස් නැවත විදුහල්පති වශයෙන් 1965.07.13 දින ඒ.වත්තුහේවා මහතා වැඩ භාරගෙන ඇත.
මේ කාලය වනවිට ගුරු මණ්ඩලයද ක්‍රමක්‍රමයෙන් ඉහළ ගිය අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙනිමේදි අති දක්ෂයෝ වූහ.පුරා වසර 5කට අධික සේවා කාලයකින් පසු ඒ.වත්තුහේවා මහතා විශ්‍රාම ගැනිමෙන් පසු 1971.02.23 ජි.ඒ.දිසානායක මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇත.මෙතුමාද මෙම විදුහලට ඉමහත් සේවයක් කර ඇත.පුරා වසර 6කට අධික සේවා කාලයකින් පසු 1977.09.15 එතුමාද විදුහලින් අස්ව ගොස් ඇති අතර 1977.09.16 ජි.එච්.මුදලිගේ මහතා විදුහල්පති වශයෙන් වැඩ භාර ගෙන ඇත.මේ කාලය තුළ විදුහලට අලුත් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තබා ඇති අතර 1978 ආර්.එම්.රත්නායක මහතා විදුහල්පති වශයෙන් සේවය කරද්දි එම ගොඩනැගිල්ල විවෘත කර ඇත.මේ කාලය මෙම විදුහලට විශේෂිත වු කාල පරිච්ජේදයක් විය.
ශිෂ්‍යයන් සංඛ්‍යාව ශිඝ්‍ර.යෙන් වැඩි විමත් සමග විදුහල මහ විද්‍යාලයක් කිරිමේ අවශ්‍යතාවය පැන නැගිණ.ඒ අනුව 1979.10.16 දින මෙම විද්‍යාලය මො / සිද්ධාර් ථ මහ විද්‍යාලය බවට පත් විය.විදුහලට අඩුවක්ව පැවැති බුදු මැදුරද එදිනම විවෘත කර ඇත.විද්‍යාල ගීතයේ ආරම්භයද මෙම කාලයයි.මේසා විශාල සේවයක් කර ආර්.එම්.රත්නායක විදුහල්පතිතුමා 1981.06.24 දින විදුහලෙන් අස්ව ගොස් 1981.06.25 දින එස්.බි.බෝපිටිය මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇත.පුරා වසර 4කට අධික සේවා කාලයකට පසු 1985.01.04 දින බෝපිටිය මහතා අස්ව ගොස් 1985.01.05 දින පි.බි.අබේකෝන් මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇත.මෙම විදුහල්පතිතුමා ගමත් පාසලත් එක් කිරිමට විශාල පරිශ්‍රමයක් දරා ඇති අතර විදුහලට අවශ්‍ය ක්‍රිඩා පිටිය සකස් කිරිමේදි ඉමහත් උත්සහයක් දරා ඇත.විශාල සේවයක් සැලසිමට ප්‍රයත්න දැරු මෙම විදුහල්පතිතුමා ඉතා කෙටි සේවා කාලයකින් පසු විදුහලෙන් අස්ව ගොස් ඇති අතර ජි.එච්.පි.ද සිල්වා මයා හා එච්.කේ.ඊ.ද සිල්වා යන විදුහල්පතිතුමන්ලා ඉතා කෙටි කාලයක් විදුහල්පති වශයෙන් සේවය කර ඇති අතර 1987.11.08 දින ඩබ්.ටි.වීරසිරි මහතා විදුහල්පති වශයෙන් වැඩ භාරගෙන ඇත.
වීරසිරි මහතා විදුහල්පති වශයෙන් සේවය කරද්දි මෙම විදුහලට අලුත් පාසල් ගොඩනැගිල්ලක් ලැබුණි.1993.06.26 දින පලාත් සභා අරමුදලින් ඉදිකරන ලද 60 ‹ 20 නව පාසල් ගොඩනැගිල්ල මොනරාගල දි.ප.මන්ති සහ කෘෂිකර්.ම සංවර්.ධන හා පර්.යේෂණ අමාත්‍ය ගරු ආර්.එම්.ධර්.මදාස බණ්ඩා මැතිතුමා අතින් පෙ.ව.10.00ට විවෘත කරන ලදි.ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාද සහභාගි විය.
මෙම මහතාගේ සේවය කාලය තුළදි වැදගත් සිදුවිම් කිහිපයක් සිදු විය.එනම් 1989/1990 වර්.ෂයේ සමස්ත ලංකා සිංහල භාෂා හා සාහිත්‍ය තරගයේ ජාතික ශුරතාවය දෙවන ස්ථානය ඩි.එම්.පද්මාවති ශිෂ්‍යාව දිනා ගැනිම 92 ගම් උදාව වෙනුවෙන් මෙහෙය වු සිසු සවිය තරගයෙන් බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය විදුහලට හිමිවිම වැදගත් සිදුවිමකි.මෙම විදුහලට ඉමහත් සේවයක් කර පුරා වසර 6කට අධික සේවා කාලයකින් පසු 1993.08.15 දින එතුමාද විදුහලින් අස්ව ගොස් ඇති අතර 1993.08.16 දින ආර්.එම්.ධර්.මදාස මහතා විදුහල්පති වශයෙන් පත්ව මො / සිද්ධාර් ථ මහ විද්‍යාලයට ඉමහත් සේවයක් සැලසිම සදහා මහගු ප්‍රයත්නයක යෙදි ඇති බව පෙනේ.2001.06.31 දින මෙතුමා පාසලින් අස්ව ගොස් ඇති අතර 2001.07.01 දින එච්.එම්.ලීලාරත්න මහතා විදුහල්පති වශයෙන් මො / සිද්ධාර් ථ මහ විද්‍යාලයේ වැඩ භාරගෙන විද්‍යාලයට ඉමහත් සේවයක් සැලසිම සදහා මහගු ප්‍රයත්නයක යෙදි ඇති බව පෙනේ.මෙතුමාගේ සේවා කාලය තුළදි විද්‍යාලයේ අ.පො.ස.උසස් පෙළ විෂය ධාරාවන් ආරම්භ කරන ලදි.තවද නොයෙකුත් විවිධාකාර සේවාවන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ඉටු කර තිබුණි.ඉන් පසු 2014.02.13 මෙතුමා අස්ව ගොස් ඇති අතර නව විදුහල්පති ලෙස බි.එච්.එම්.නිමල්සිරි මහතා 2014.02.13 දින මෙම විද්‍යාලයේ වැඩ භාරගෙන ඇත.එතුමාගේ සේවා කාලය තුළ පාසල දියුණු කිරිමට කටයුතු කර ඇත.ඉන් පසු 2019.10.31 එතුමා මෙම පාසලෙන් අස්ව ගොස් ඇති අතර 2019.10.31 දින සිට නැවතත් එච්.එම්.ලීලාරත්න මහතා විදුහල්පති වශයෙන් මො / සිද්ධාර් ථ මහ විද්‍යාලයේ වැඩ භාරගෙන මේ දක්වා ඉමහත් සේවයක් ඉටු කරමින් සිටින්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1950 මැයි 16 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
33 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඞී.ඵස්. සේනාධීර මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඞී.ඵස්. සේනාධීර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මො / සිද්ධාර්ථ මහ විද්‍යාලයේ |
|
පාසලේ ස්ථිර ගොඩනැගිල්ල තනා විවෘත කළ දිනය |
1954.11.16 |
|
පාසල රජයට පවරාගත් දිනය |
1950.05.16 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කුඩාඔයට සමීපයේ කටුමැටි ගසා ඉලුක් සෙවිලි කර තනා ඇති කුඩා ගොඩනැගිල්ලක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1950.05.16 |







